පිපාසයට පමණක් නොව වැඩියෙන් වතුර බොන්න - සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලීමක්.
Sri Lanka
Water
By krishani
පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් සාමාන්‍යයෙන් දිනකට වතුර ලීටර 3.7ත් ලීටර 06ත් අතර ප්‍රමාණයක් පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරයි.
සාමාන්‍යයෙන් දිනකට වතුර වීදුරු 08ක් පමණ පානය කළ යුතු වුව ද මේ දිනවල පවතින අධික රස්නය සමග දහදිය ලෙස ශරීරයේ පවතින ජලය පිටවන බැවින් වැඩි වශයෙන් වතුර පානය කිරීම අත්‍යාවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.
උණුසුම් කාලගුණය සමග කටයුතු කිරීමෙන් පසුව එක් වරම වතුර ලීටරයක් පමණ පානය කිරීම ද සුදුසු නොවන බවත් ඒ අනුව පැය භාගයකට වරක් හෝ විටින් විට මිලි ලීටර 200ක් හෝ 250ක් පානය කිරීම සුදුසු බවත් වෛද්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |