වෛද්‍ය පාදෙණිය වැද වැටෙයි.. සෞඛ්‍ය ලේකම්කම ඉල්ලයි..- සාක්‍ෂි සහිතව මුරුත්තෙට්ටු හිමි හෙලි කරයි…(VIDEO)

By Sewvandhi Nov 12, 2021 12:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය ලබා ගැනීමට උපකාර කරන්නැයි තමන් වහන්සේගෙන් ඉල්ලා සිටි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියා සිටිති.

තමන් කොළඹ විශ්ව විද්‍යාලයේ පුරපති වීමට එරෙහිව අදහස් පල කරන පාදෙණිය මහතා විහාරස්ථානයට පැමිණ තමා ඉදිරියේ බිම දණ ගසා ඉල්ලීම් කරන තරමට අද වෙනස් වී ඇති බවත් උන් වහන්සේ පැවසූහ.

ඔහුගේ දෙපිටකාට්ටු වැඩ කළ හෙළි කළහොත් යන එන මං නැති වනු ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරය තමනට ලබා ගැනීමට උදව් කළහොත් හෙද ප්‍රශ්න සියල්ල විසඳන බවට ද තමන්ට පොරොන්දු වී සහතික වූ බවට සාක්ෂි තමන් වහන්සේ සතුව ඇතැයි ද ආනන්ද හිමියෝ කියා සිටිති. 

රූපවාහිනී සාකච්ඡාවක දී හිමියන් මෙම අදහස් පළ කරනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha