ඉදිරියේදී සිදු කරන දේ ගැන වෛද්‍ය බෙල්ලනගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

Report

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසන්නේ, ඕනෑම අවස්ථාවක තමන් විශ්‍රාම යෑමට සුදානමින් පසුවන බවයි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඒ බව සඳහන් කළේ, අද (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා පවසා සිටියේ,

"අද සෞඛ්‍ය අමාත්‍යාංශයත් සෞඛ්‍ය ඉන්නේ උසස් නිලධාරීනුත් කටහඩේ බලයට පරිපාලනය කරනවා. දෙතුන් සීයක් එකතුවෙලා කිව්වොත් මෙයාව එළවන්න කියලා එළවනවා. ඉතින් ඒ තත්ත්වයෙන් තමයි තීන්දු තීරණ ගන්නේ. හැබැයි මම නම් විශ්‍රාම යන්නත් ලෑස්ති. මේ රාජ්‍ය සේවයේ සිටීමේ හරයක් නැහැ." යනුවෙනි.