මන්ත්‍රී අර්ච්චුනාව අත්අඩංගුවට ගන්න පොලීසිය බය ද ? - ඉදිරියේදී අර්ච්චුනාට කරන්න යන දේ මෙන්න. - (CCTV VIDEO)

Sri Lanka Police Dr.Archuna Chavakachcheri Buddhika Manatunga
By Wayomi Feb 13, 2025 08:20 AM GMT
Wayomi

Wayomi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පුද්ගලයෙකුට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළා.

ඒ, ප්‍රධාන පෙලේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට පැවති වැඩසටහනකට එක්වෙමින්.

අදත් (13) පැයක විදුලි කප්පාදුවක්. - කැපෙන වේලාවන් මෙන්න. - හෙට සිදු දේ ගැනත් මණ්ඩලය කී දේ.

අදත් (13) පැයක විදුලි කප්පාදුවක්. - කැපෙන වේලාවන් මෙන්න. - හෙට සිදු දේ ගැනත් මණ්ඩලය කී දේ.

මෙහිදී ඔහු වැඩි වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

ප්‍රශ්නය - තවදුරටත් ඔහු මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුගේ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා. ඔහු අත්අඩංගුවට ගත්තා ද ? පොලීසිය අත්අඩංගුවට ගන්නේ නැද්ද? බයයි ද?

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම හේතුවෙන් ඔහුට නීතියෙන් ගැලවී යෑමට හෝ කිසිදු විශේෂ වරප්‍රසාදයක් ලබාදීලා නෑ. උත්තරීතරම ආයතනයේ පුද්ගලයෙක් ඔහු. ඔහුගේ හැසිරීම ඉතාමත්ම ගෞරවනීය විය යුතුයි. ඒක තමා මහජනතාව බලාපොරොත්තු වෙන්නේ. පොලීසියේ හැසිරීම බලාපොරොත්තු වෙනවා වගේම මහජනතාව ඔවුන්ගේ හැසිරීමත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ආකාරයෙන් ක්‍රියාකිරීම ඔහු සතු කාර්යයක්. කෙසේවෙතත් ඔහු නීතියට එරෙහිව ක්‍රියාකරනවා නම් අපි නීතිය ක්‍රියාකරනවා. ඉදිරියේදී බලන්න පුළුවන් ඔය සිදුවීම සම්බන්ධයෙන් පවත්නා නීතියට අනුකූලව ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරනවා."

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර එම පහරදීම සිදුව තිබුණේ යාපනයේ පිහිටි පෞද්ගලික ආපන ශාලාවක් තුළදීයි.

T56ක් උස්සා රටින් පැන්න කොස්තාපල්ගේ පෙම්වතියක් වන නැටුම් ටීචර් කෙනෙක් අත්අඩංගුවට. - Night club එකේදී set වෙලා.

T56ක් උස්සා රටින් පැන්න කොස්තාපල්ගේ පෙම්වතියක් වන නැටුම් ටීචර් කෙනෙක් අත්අඩංගුවට. - Night club එකේදී set වෙලා.

මන්ත්‍රීවරයා සිදුකළ පහරදීම සීසීටීවී කැමරාවක ද සටහන්ව තිබුනේ මෙලෙසින්,


ReeCha