වහාම ක්‍රියාත්මක වන පරිදි සහනාධාරයක් දෙගුණ කරයි..විශාල පිරිසකට සුබ ආරංචියක්..

Report

තේ වගාවට පොහොර යෙදීම සඳහා රජය විසින් ලබා දීමට තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අද (29) තීරණය කළා.

දැනට අප රටේ වාර්ෂික තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 260ක් දක්වා අවම වී ඇති අතර, එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 300ක් දක්වා ඉහළ නැංවීම මින් ඉළක්ක කර තිබීම විශේෂත්වයක්.

අද සවස 1.00න් පසු රටටම වැදගත් තීරණාත්ම තීන්දු 02ක් වෙන්න යයි..

අද සවස 1.00න් පසු රටටම වැදගත් තීරණාත්ම තීන්දු 02ක් වෙන්න යයි..


කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මින් පෙර තේ වගාවට පොහොර යෙදීම සඳහා වගාකරුවන් උනන්දු කරවීමේ අරමුණින් රුපියල් 2000ක සහනාධාරයක් ලබා දීමට තීරණය කළත් තේ නිෂ්පාදනය ඉහළ නැංවීමට එම මුදල ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති බවයි.

මේ නිසා තේ පොහොර සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්, අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව, එළැඹෙන මහ කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ලබා දෙන අතර, දැනට රාජ්‍ය පොහොර සමාගම විසින් රුපියල් 2000කින් අඩු කරන ලද තේ පොහොර මිල ගණන් තවත් රුපියල් 2000කින් අඩු කිරීමට කටයුතු කරනු ඇති බවද පැවසේ.

අගෝස්තු 01 වනදා සිට දීමනාව 8000 දක්වා ඉහළ දමයි..පිරිසකට සතුටුදායක ආරංචියක්..

අගෝස්තු 01 වනදා සිට දීමනාව 8000 දක්වා ඉහළ දමයි..පිරිසකට සතුටුදායක ආරංචියක්..


මෙම සහනාධාරය සඳහා රුපියල් බිලියන 02ක් වැය කෙරෙන අතර, එම මුදල ලංකා තේ මණ්ඩලයේ අරමුදල් මගින් ලබා දීමට සැළසුම් කර ඇත.

මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.