අද සවස 1.00න් පසු රටටම වැදගත් තීරණාත්ම තීන්දු 02ක් වෙන්න යයි..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය අද (29) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
අද පස්වරු 04.00 ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් සාකච්ඡාවක් ඊයේ පැවැත්විණ.
මීට පෙර ද ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණු අතර, ඒවා අවසන් වූයේ එකඟතාවකින් තොරවය.
කෙසේවෙතත් මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන බව ප්‍රකාශ කර අවසන්.
ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40කට වැඩි සංඛ්‍යාවකගේ සහාය ද හිමිව තිබෙන බවයි පැවසෙන්නේ.
මේ අතර, ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරීන්ගෙන් සැදුම්ලත් ජන අරගල සන්ධානයේ අපේක්ෂකයා ද අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
අද පස්වරු 1.00ට කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැත්වෙන විශේෂ වැඩසටහනක දී එම අපේක්ෂකයා මෙසේ ප්‍රකාශයට පත් කරනු ඇති බවයි පැවසෙන්නේ.
එම සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවසුවේ, ඔහු දීර්ඝ කාලයක් ජනතා අරගලවල ක්‍රියාකාරීව සිටි අයකු බවයි.