හිටපු ජනාධිපතිවරයකුට මරණ තර්ජන..

By Piyumika Jul 17, 2024 02:08 AM GMT
Report

ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි සීක්‍රට් සර්විස් හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය පවසා ඇත .

සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශය මෙසේ පවසා මීට සති කීපයක පටන්ය.

එම තර්ජන සැලකිල්ලට ගනිමින්, ට්‍රම්ප්ගේ ආරක්ෂාව තවත් වැඩි කිරීමට ද සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශය පියවර ගෙන තිබේ .

බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා පොළවේ ගසමින් ආගම් වලට නිගා කල තරුණයාට උන දේ..

බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා පොළවේ ගසමින් ආගම් වලට නිගා කල තරුණයාට උන දේ..

කෙසේවෙතත් ට්‍රම්ප් පසුගිය දා වෙඩි ප්‍රහාරකට ලක් වී නූලෙන් බේරුණේ එසේ ආරක්ෂාව තරකර තිබියදීය.

කෙසේ නමුත් පසුගිය දා පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් ප්‍රාන්තයේ, මැතිවරණ රැලියේ දී ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරයට, ඉරානයේ කිසිදු සම්බන්ධයක් ඇතැයි අනාවරණය වී නැති බව ද සීක්‍රට් සර්විස් තහවුරු කර ඇත.