බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා පොළවේ ගසමින් ආගම් වලට නිගා කල තරුණයාට උන දේ..

Sri Lanka
By Piyumika Jul 17, 2024 01:48 AM GMT
Piyumika

Piyumika

Report

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා පොළවේ ගසා විනාශ කරමින් ආගම් වලට නිගරු වෙන අයුරින් කටයුතු කල පුද්ගලයෙක් පිළිබඳව වීඩියෝ දර්ශන සංසරණය වීමක් දක්නට ලැබුණි .

එහිදි කරන ලද විමර්ශනයකින් පසු අඹන්පොල පොලිසිය විසින් මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේෂ,මිථුන,කටක සහ ධනු ලග්න හිමියන් අද දැඩි කල්පණාකාරීව වැඩ කරන්න..

මේෂ,මිථුන,කටක සහ ධනු ලග්න හිමියන් අද දැඩි කල්පණාකාරීව වැඩ කරන්න..

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ගල්ගමුව, අඹන්පොළ, සමගි මාවත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණක් බවයි වාර්තා වන්නේ.

සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ තමන් මීට පෙර දේවාලයක් පවත්වා ගෙන ගිය අයකු බවත්, තමන් වසර ගණනාවක සිට ඉතා භක්තියෙන් දෙවියන් යැදීම සිදුකළ බවයි.

සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර ලොකුකම් දැමු වෛද්‍ය සිසුවිය..

සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර ලොකුකම් දැමු වෛද්‍ය සිසුවිය..

ඉන් තමාට පිහිටක් හෝ සරණක් නොලැබුණු බවත් මේ හේතුවෙන් මෙලෙස දේව ප්‍රතිමා සහ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

ReeCha