මේ දවස්වල උණ නම් හදා ගන්න එපා...කොවිඩ් නිසා PCR පරීක්‍ෂණත් වැඩි කරයි

COVID-19 Sri Lanka Hospitals in Sri Lanka Patient Sinhala news
By Kaushi May 28, 2025 01:11 PM GMT
Kaushi

Kaushi

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් දිවයිනේ ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ වැඩි කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ නව COVID-19 ප්‍රභේදයෙන් එල්ල වන ගෝලීය තර්ජන පිළිබඳ සැලකිල්ලට ගනිමින්.

විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...

විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...

ඒ අනුව PCR පරීක්ෂණ පහසුකම් ඇති රෝහල් COVID-19 රෝගියෙකු හඳුනා ගැනීමට සූදානම් රෝහල් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (28) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

එසේම ලේකම්වරයා කියා සිටියේ උණ රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් හෝ ඇතුළත් වන රෝගීන් සම්බන්ධයෙන් වැඩිපුර නිරීක්ෂණ කිරීමට අමාත්‍යාංශය රෝහල්වලට උපදෙස් දී ඇති බවයි.

එසේම මෙහිදී වැඩිදුරටත් වෛද්‍ය ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ මෙරට තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීම දිගටම කරගෙන යන බවයි.

එහෙත් දැනට සීමාවන් පැනවීම අවශ්‍ය නොමැති බවද ඔහු සඳහන් කළා.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

ReeCha