ඩොලර් නැතුව ඉද්දි, ඩොලර් උන්ඩියල් කරන්න ගිහින් උන වැඩේ..
By krishani
ඩොලර් අර්බුදයක් රටේ පවතින අවස්ථාවක බැංකු ගත නොකර උන්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 47.000 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ තිබු ඩොලර් වල වටිනාකම රුපියල් 1, 71,55,000 ක් වන අතර මෙම උණ්ඩියල් ක්‍රමයට සිදු කරන මුදල් ජාවාරම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් ඒකකයේ 01 නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
මුදල් සමඟ එක් සැකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට ආධාර අනුබල දීම යටතේ සෙසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |