ඩොලරය ඉහළට - රුපියල පහළට
දෛනික විනිමය අනුපාතික සටහන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දින නිකුත් කරනු ලැබුවා.
එම සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.56ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.98ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව - රු. 297.00 - රු. 304.00
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 294.08 - රු. 304.76
කොමර්ෂල් බැංකුව - රු. 295.30 - රු. 303.75
සම්පත් බැංකුව - රු. 295.37 - රු. 305.00
අමානා බැංකුව - රු. 298.40 - රු. 303.95