26,27 වැඩ වර්ජනයක්

By Mithu Jun 23, 2025 10:34 AM GMT
Report

ස්ථීර විසඳුමක්ගැ නොලද හෙයින් ගැටලු හතරක් මුල් කර ගනිමින් මේ මස 26 හා 27 යන දින දෙකෙහි අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය සඳහන් කරයි.

Telegram නිර්මාතෘට ළමයි 100ට වැඩි - හැමෝටම දේපල බෙදලා දෙන්න සුදානම්

Telegram නිර්මාතෘට ළමයි 100ට වැඩි - හැමෝටම දේපල බෙදලා දෙන්න සුදානම්

මෙම වැඩ වර්ජනය විද්‍යාපීඨ විස්සෙහිද ගුරු විද්‍යාල අට හා ගුරු මධ්‍යස්ථාන එකසිය දොළහේද සිදුකරන බව එම සංගමය පෙන්වා දෙයි. පසුගි මැයි 24 දින අග්‍රාමාත්‍යවරිය හමු වී ගුරු සේවාවේ නිලධාරීන් මුහුණ දෙන වැටුප් විෂමතාව ඇතුළු බරපතළ ගැටලු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළ බවත් එහිදී එම ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර සති දෙකක් තුළ නැවත සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බවට අග්‍රාමාත්‍යවරිය පොරොන්දු වු බවත් සංගමය පෙන්වා දෙයි.

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

එහිදි සාකච්ඡා වූ නිර්බාධ උසස්වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කිරීමට මේ මස .02 දින යොදා ගත්ත ද වෘත්තීය සංගම් නියෝජිතයන් අදාළ ස්ථානයට පැමිණි පසු සාකච්ඡාව කල් දැමු බවද පසු දිනයක එම සාකච්ඡා පැවැත්වුවත් එහිදී ලබා ගත් තීරණයක් පිළිබඳ සංගමය දැනුවත් නොකළ බවද සඳහන් කරයි. දිගින් දිගටම මෙම සේවාවේ ප්‍රශ්න විසඳීම පිළිබඳව මැදිහත් වීමට නිලධාරීන් දක්වන උදාසීනත්වය නිසා අදාළ ගැටලු මුල්කර ගනිමින් දෙදින වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කළ බවද සංගමය පෙන්වා දෙයි.

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්