අද බැංකු කිහිපයක ඩොලරයේ මිල ගණන් වෙනස් වුණේ මෙන්න මෙහෙමයි
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (07) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබේ.
කෙසේ වෙතත්, ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 332ක මට්ටමේ ස්ථාවරව පවතී. සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 324.05ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 333.30ක් ලෙසත් නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 323.65 සිට රුපියල් 323.70 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 332.65 සිට රුපියල් 332.70 දක්වා ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුවේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 324.20ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 332.24ක් ලෙසත් නොවෙනස්ව පවතී.
කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 322.35ක් වන අතර, විකුණුම් අනුපාතය රුපියල් 332.25ක් ලෙස පවතී.
මේ අතර, සම්පත් බැංකුවේ ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 324.50 සිට රුපියල් 324.25 දක්වා පහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 332.50 සිට රුපියල් 332.25 දක්වා අඩු වී තිබේ.