“ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීමෙන් වැඩිපුරම බැට කෑ දේශපාලන ව්‍යාපාරය අපියි” - ටිල්වින් සිල්වා

Report

“අපේ ආණ්ඩුව - වසර දෙකයි, රටට සුබයි” යන තේමාව යටතේ ජාතික ජන බලවේගය විසින් බේරුවලදී සංවිධානය කර තිබූ ජනහමුවේදි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා අදහස් පළ කළේය.

එහිදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීමෙන් වැඩිපුරම බැට කෑ දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා,

''අපේ රටේ තියෙන්නේ ව්‍යවස්ථා කඩපු ඉතිහාසයක්. අපේ රටේ තියෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරපු ඉතිහාසයක්. නඩු තීන්දුවක් දුන්නාම විනිශ්චයකාරවරුන්ගේ ගෙවල් ඉස්සරහා හූ කියලා, ගල් ගහපු ඉතිහාසයක් පහු කරන් ඇවිත් තියෙන්නේ. ඒවාට ආයිති මහත්වරු ඔය ඉන්නේ. රනිල් වික්‍රමසිංහ ඒකට ආයිති කෙනෙක්. එගොල්ලෝ තමයි අපට උගන්වන්න එන්නේ ව්‍යවස්ථාව පිළිබඳව, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව. නැහැ, අපට උගන්වන්න ඕනෑ නැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමෙන් බැට කෑවා නම්, කවුරු හරි වැඩිපුරම බැට කාපු දේශපාලන ව්‍යාපාරය අපි. අපි ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ අගය අපි දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලත් අපි දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාලකයන්ගේ කැමැත්ත නෙමෙයි, පොදු ජනයාගේ අවශ්‍යතාවය කියලා අපි හොඳටම දන්නවා. ඒ නිසා අපේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ හොරුන්ට නිදහස නෙමෙයි.''

“මේ බලය නිර්මාණය කළෙත් ජනතාවයි, මේ බලය ආරක්ෂා කරන්නෙත් ජනතාවයි, මේ බලය ඉදිරියට ගෙන යන්නෙත් ජනතාවයි” – ජනපති බුලත්සිංහලදි සපථ කරයි

“මේ බලය නිර්මාණය කළෙත් ජනතාවයි, මේ බලය ආරක්ෂා කරන්නෙත් ජනතාවයි, මේ බලය ඉදිරියට ගෙන යන්නෙත් ජනතාවයි” – ජනපති බුලත්සිංහලදි සපථ කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් ආපසු හරවන්නේ නෑ - ජනපති

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් ආපසු හරවන්නේ නෑ - ජනපති