වාහන 7,000ක් එකවර ගෙන එන දැවැන්ත නෞකාවක් හම්බන්තොටට

Report

හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත ජපානයේ NYK සමාගමට අයත් නව පරම්පරාවේ වාහන ප්‍රවාහන නෞකාවක් පළමු වරට පැමිණ තිබේ. ‘Azalea Leader’ නමැති මෙම නෞකාව පසුගිය අගෝස්තු මාසයේදී හම්බන්තොට වරායට සිය මංගල පැමිණීම සනිටුහන් කර ඇත.

මීටර් 200ක දිගකින් යුත් Azalea Leader නෞකාව LNG සහ ද්විත්ව ඉන්ධන භාවිතයෙන් ධාවනය කළ හැකි නව පරම්පරාවේ Pure Car and Truck Carrier (PCTC) වර්ගයේ නෞකාවකි.

2026 වසරේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරන අතර, වාහන 4,810ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී. එමෙන්ම දේශීයව ගොඩබෑම සඳහා තවත් වාහන ඒකක 47ක් රැගෙන යා හැකි අතර, නෞකාවේ උපරිම ප්‍රවාහන ධාරිතාව වාහන ඒකක 7,000කි.

පරිසර හිතකාමී තාක්ෂණයන්ගෙන්ද සමන්විත Azalea Leader නෞකාවේ ප්‍රධාන එන්ජිම සඳහා Exhaust Gas Recirculation (EGR) තාක්ෂණය යොදාගෙන තිබේ. එමඟින් නයිට්‍රජන් ඔක්සයිඩ් විමෝචනය අවම කිරීමට හැකියාව ලැබේ.

බන්ධනාගාරවලින් 70%ක්ම මත්ද්‍රව්‍ය වැරදිකරුවන් - හතළිස් දහසක් ඇතුළේ

බන්ධනාගාරවලින් 70%ක්ම මත්ද්‍රව්‍ය වැරදිකරුවන් - හතළිස් දහසක් ඇතුළේ

මේ අතර, කලාපීය සැපයුම් හා ප්‍රවාහන මාර්ග තුළ හම්බන්තොට වරායේ වැදගත්කම තවදුරටත් ඉහළ යමින් පවතී. විශේෂයෙන් මැදපෙරදිග වෙත යොමු වන සැලකිය යුතු ප්‍රවාහන ප්‍රමාණයක් හම්බන්තොට හරහා සිදුවන අතර, Azalea Leader නෞකාව සිංගප්පූරුවේ සිට හම්බන්තොට වෙත පැමිණ තිබේ.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් පවසා ඇත්තේ Azalea Leader නෞකාවේ මංගල පැමිණීම විශේෂ වැදගත්කමක් ගන්නා බවයි.

හම්බන්තොට වරාය හරහා නවීන හා ඉහළ තාක්ෂණයෙන් යුත් නෞකා මෙහෙයවීමට නාවික සමාගම් වැඩි වශයෙන් කටයුතු කරමින් සිටීම එහි වැදගත්කම තහවුරු කරන බවද ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම, කලාපීය RoRo ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ හම්බන්තොට වරාය ක්‍රමයෙන් ප්‍රධාන භූමිකාවක් ගනිමින් සිටින බවත්, වරාය හරහා සිදුවන මෝටර් රථ ප්‍රවාහන කටයුතු වර්ධනය වීමත් සමඟ එහි ඇති විභවය තවදුරටත් ඉහළ යනු ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.

15 වෙනිදා සිට ශ්‍රී ලාංකිකයින්ට මේ FREE VISA නෑ - වීසා සංශෝධනයක් ගැන දැනුම්දෙයි

15 වෙනිදා සිට ශ්‍රී ලාංකිකයින්ට මේ FREE VISA නෑ - වීසා සංශෝධනයක් ගැන දැනුම්දෙයි