මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල තවත් ඉහළට
By Kanchana
අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට පවතින බිය මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇත
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96.80ක් දක්වා ඉහළ ගොස් ඇත. එය සියයට 0.54කින් හෙවත් ඩොලර් 0.52කින් ඉහළ යාමකි.
එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.14ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 0.72ක හෙවත් ඩොලර් 0.66ක වර්ධනයකි.
පසුගිය සතියේද තෙල් මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වූ අතර, බ්‍රෙන්ට් මිල සියයට 7.8කින් සහ WTI මිල සියයට 10කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.