නාමල් රාජපක්ෂට බන්ධනාගාරයේදී ගෙදරින් කෑම ගේන්න අවසර

Report

 රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට නිවසින් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවසර ලබා දී ඇත.

 බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න ප්‍රකාශ කළේ ඔහු රඳවා ඇති වාට්ටුවට ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක බවයි. ඔහු හමුවීමට දිනකට තුන් දෙනෙකුට අවසර ලබා දී ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

නාමල් රාජපක්ෂ රඳවා සිටින්නේ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ

ඒ පසුගිය 4 වැනිදා ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී රුපියල් මිලියන 100 ක අල්ලස් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

නාමල්ට පස්සේ සිරිලියත් හිරවෙයි.. දැවැන්ත මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න CIDට නියෝග

නාමල්ට පස්සේ සිරිලියත් හිරවෙයි.. දැවැන්ත මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න CIDට නියෝග

උසස් පෙළ විභාගය ඊයේ අවසන්- ප්‍රතිඵල සහ ප්‍රායෝගික විභාග ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

උසස් පෙළ විභාගය ඊයේ අවසන්- ප්‍රතිඵල සහ ප්‍රායෝගික විභාග ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්