නන්දිකඩාල්හිදී දිවිපිදූ පරම වීර විභූෂණ සම්මානිත රණවිරු බණ්ඩාරගේ නිවසට යුද හමුදාපති යයි
2009 මැයි මාසයේදී යුද්ධයේ අවසන් අදියරේදී දිවි පිදූ ඩල්මුනේ, හේවාඩිවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි මාණ්ඩලික සැරයන් එච්.පී.එස්. බණ්ඩාරගේ පවුලේ සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා එම පවුල වෙත ගොස් තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ, මාණ්ඩලික සැරයන් බණ්ඩාර විජයබාහු පාබල රෙජිමේන්තුවේ 4 වන බලඇණියට අනුයුක්තව සේවය කළ බවයි.
2009 මැයි 17 වනදා නන්දිකඩාල් කලපුව ආසන්නයේ පැවති තීරණාත්මක සටනේදී සතුරු ප්‍රහාර හමුවේ නොසැලී සිටි ඔහු, තම ජීවිතය පවා නොතකා සෙසු සෙබළුන් ආරක්ෂා කරමින් සුවිශේෂී නිර්භීතකමක් සහ නායකත්වයක් පෙන්නුම් කර තිබේ.
ඔහුගේ වීරෝදාර සේවය අගයමින් මරණින් පසු පරම වීර විභූෂණය සහ රණ සූර පදක්කම පිරිනමා ඇත.
යුද හමුදාපතිවරයාගේ මෑත සංචාරයේදී දිවි පිදූ රණවිරුවාගේ බිරිඳ වන දර්ශනී නයනා වීරගොඩ මහත්මිය ඇතුළු සමීප පවුලේ සාමාජිකයන් හමුවී ඔවුන්ගේ වත්මන් සුබසාධන තත්ත්වය සහ අනාගත අවශ්‍යතා පිළිබඳවද සොයා බලා තිබේ. එහිදී, රණවිරුවාගේ පවුල වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවටද යුද හමුදාපතිවරයා සහතික වී තිබේ.