බන්ධනාගාරවලින් 70%ක්ම මත්ද්‍රව්‍ය වැරදිකරුවන් - හතළිස් දහසක් ඇතුළේ

By Kanchana Sep 07, 2026 03:56 AM GMT
Report

බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ගෙන් 70%කට පමණ, මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කර තිබේ .

අමාත්‍යවරයා පැවසුවේ, එම චෝදනා සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් සංඛ්‍යාව හතලිස් දහසක් පමණ වන බවයි. කොළඹ නගරයේ පාසල් තුළ මෙන්ම ගම්බද පාසල් තුළටද මත්පෙති ව්‍යාප්ත වී තිබෙන බව ඔහු සදහන් කර තිබේ

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ පාසල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

කොබෙයිගනේ ජාතික පාසලේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දක්වා තිබේ.

15 වෙනිදා සිට ශ්‍රී ලාංකිකයින්ට මේ FREE VISA නෑ - වීසා සංශෝධනයක් ගැන දැනුම්දෙයි

15 වෙනිදා සිට ශ්‍රී ලාංකිකයින්ට මේ FREE VISA නෑ - වීසා සංශෝධනයක් ගැන දැනුම්දෙයි