ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන කලාපීය සැසිය ඩිලි නුවරදී ඇරඹේ- නායකත්වය ශ්‍රී ලංකාවට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the WHO Regional Committee for South-East Asia — RC79.) අද (07) සිට (10) දක්වා පැවැත්වීමට නියමිතව ඇත ඒ ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් (Dr. Tedros Adhanom Ghebreyesus) මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම සැසිවාරය පවත්වනු ලබයි .
මෙම අතිශය වැදගත් කලාපීය සෞඛ්‍ය සැසිවාරයට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙරට නියෝජිත කණ්ඩායම ඊයේ (06) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.
මෙරට නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කටයුතු කරන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) වෛද්‍ය එස්. ශ්‍රීධරන්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්. එම්. ආර්නෝල්ඩ්, ජාන විද්‍යාව හා ජෛව වෛද්‍ය තොරතුරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වජිර එච්. ඩබ්ලිව්. දිසානායක සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) වෛද්‍ය ජානකි විදානපතිරණ යන මහත්ම මහත්මීන් මෙම නියෝජිත කණ්ඩායමට ඇතුළත් වේ ශ්‍රී ලංකාවට මෙම සැසිවාරය විශේෂ වැදගත්කමක් උසුලන අතර, 2025 වසරේ කොළඹදී පැවති 78 වන කලාපීය කමිටු සැසිවාරයේදී සභාපති ධුරයට පත් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, නව සභාපතිවරයා තෝරා පත් කර ගන්නා තෙක් එම ධුරයේ කටයුතු කරනු ලබයි .
මෙවර කලාපීය කමිටු සැසිවාරයේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ විශේෂිත සෞඛ්‍ය සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සඳහා සෞඛ්‍ය මානව සම්පත් ශක්තිමත් කිරීම කෙරෙහි වන අතර, ඒ අනුව දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සහ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ විශේෂිත සෞඛ්‍ය සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම, සෞඛ්‍ය මානව සම්පත් සංවර්ධනය, විශ්වීය සෞඛ්‍ය ආවරණය (UHC) ශක්තිමත් කිරීම, සෞඛ්‍ය පද්ධති ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධිය භාවිතය, සෞඛ්‍ය ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම, බහු රෝග තුරන් කිරීම සහ ක්ෂය රෝගය තුරන් කිරීම ඇතුළු කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලබයි.
එමෙන්ම, විශේෂිත සෞඛ්‍ය සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සම්බන්ධයෙන් ඩිලි ප්‍රකාශනය (Dili Declaration) සම්මත කර ගැනීම සඳහා ද මෙවර සැසිවාරයේදී අවධානය යොමු කිරීමට නියමිතය.
දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ රටවල සෞඛ්‍ය පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත මෙම සැසිවාරය සඳහා සහභාගී වන මෙරට නියෝජිත කණ්ඩායම, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම හා කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ අත්දැකීම් හා යෝජනා ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.
79 වැනි සැසිවාරයට සමගාමීව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රටවල් කිහිපයක සෞඛ්‍ය අමාත්‍යවරුන් හා ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව අද (07) මාලදිවයින් සෞඛ්‍ය, පවුල් හා සුබසාධන අමාත්‍ය ගීලා අලි, ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා සහ බංග්ලාදේශ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය සර්දාර් එම්. සක්හාවත් හුසේන් යන මහත්ම මහත්මීන් සමඟත්, හෙට (08) වැනිදා භූතාන සෞඛ්‍ය අමාත්‍ය ලියොන්පෝ ටැන්ඩින් වංචුක්, කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍ය කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය හනාන් මොහමඩ් අල් කුවාරි ඇතුළු නියෝජිතයන් සමඟද ද්විපාර්ශ්වික හමුවීම් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මීට අමතරව ඉන්දුනීසියානු සෞඛ්‍ය අමාත්‍ය බුඩි ජී. සඩිකින් සහ ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ බෙල්ජියම් තානාපති ලෙස පත්කර ඇති ඩේවිඩ් ජෝර්ඩන්ස් යන මහත්වරුන් සමඟ ද හමුවීම් පැවැත්වීමට නියමිතව තිබේ
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යකෂ ජනරාල් වෛද්‍ය ටෙඩෙුාස් අධානොම් ගෙබිුයේසස් මහතා සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් ද මෙම සැසිවාරය අතර පැවැත්වෙනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපයට අයත් රටවල් 10ක සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැදගත් තීරණ ගැනීමට නියමිතය .