ඩොලරය ඉහළට. - නව ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න.

Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars
By Wayomi Jun 06, 2024 12:28 PM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (05) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 297.29ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.88 ක් ලෙස සටහන් වුව ද,

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.56ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.04ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙලෙසින්,

?මහජන බැංකුව - රු. 296.99 - රු. 307.05

?කොමර්ෂල් බැංකුවේ - රු. 296.09 - රු. 306.25

?හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 298.25 - රු. 306.25

?සෙලාන් බැංකුව - රු. 296.15 - රු. 305.65

?ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.296.50 - රු. 308.50

?එන්.ඩී.බී. (NDB) - රු. 295.40 - රු. 306.40

?අමානා බැංකුව - රු. 299.55 - රු.305.05

?ලංකා බැංකුව - රු. 298.50 - රු. 306.50  

ReeCha