රුපියල් ඩොලර් වලට හුවමාරු කරන ප්‍රබල ජාවාරමක් මෙරටින් හමුවෙයි..25000කට වැඩි පිරිසක් අහුවෙලා..

Dollar to Sri Lankan Rupee Sri Lanka Police Sri Lanka
By Aruna Apr 16, 2023 03:02 AM GMT
Aruna

Aruna

Report

අනාරක්ෂිතව අන්තර්ජාල යෙදවුමක් හරහා මුදල් ආයෝජනය කිරීම තුළින් වංචාවකට හසු වූ පිරිසක් පිළිබඳ පුවතක් මෙරටින් වාර්තා වනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් මෙම වංචාවට හසුව ඇති බවටයි වාර්තා වන්නේ.

ඊට මුදල් යෙදවූ පිරිස චෝදනා කරන්නේ, අන්තර්ජාලය ඔස්සේ පළ කළ දැන්වීම් හරහා ටෙලිග්‍රෑම් සමූහයක් නිර්මාණය කර අන්තර්ජාල යෙදවුමක් මගින් මෙම පිරිස මුදල් වංචාව සිදුකළ බවයි.

විසි දහසක පමණ පිරිසක් එම වංචාවට හසුව ඇති බව ද සඳහන්. ඔවුන් පවසන්නේ, ආයෝජනය ලෙස යොදවන දේශීය මුදල් ඩොලර්වලට හුවමාරු කර ගැනීම තුළින් 2% ක ලාභයක් උපයාගත හැකි බව අදාළ සමූහය හරහා ප්‍රචාරය කර ඇති බවයි.

එහි මුදල් යෙදවූ පුද්ගලයින් ප්‍රකාශ කළේ, කෙසේ වෙතත්, රුපියල් ඩොලර්වලට මාරු කිරීම සඳහා ආයෝජනය කළත්, ප්‍රතිලාභය හෝ තමන් යෙදවූ මූලික මුදලවත් තමන්ට නොලැබුණු බවයි.

මේ අතර මහ බැංකුව අවස්ථා කිහිපයකදී ජනතාව දැනුවත් කරමින් කියා සිටියේ, අන්තර්ජාලය හරහා සිදුවන මෙවැනි ගණුදෙනු පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now