හෙට දිනයේ වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය අත්හිටුවයි
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු විවිධ ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් සිදු කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටවීමට තීරණය කර තිබේ.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී එළඹි එකඟතාවයන්ට ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකා බලමින්, හෙට දින උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව විසින් තීරණය කර තිබෙනවා.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ ගැටළුවට අදාළ කරුණු සහ එකඟතාවයන් ක්‍රියාත්මක වීමට අදාල ප්‍රවණතාවයන් සමීපව නිරීක්ෂණය කරමින්, ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතයි.
අක්‍රමවත් සහ දෝෂ සහිතව ප්‍රකාශයට පත් කරන ලද, පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව නිවැරදි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය යුතු අතර, නිවැරදි ක්‍රමවේදය මත සකස් කරන ලද පුරප්පාඩු ලැයිස්තුව ප්‍රකාශයට පත් වන තුරු, වෘත්තිය ක්‍රියාමාර්ගයක් ලෙස එම ලැයිස්තුවට අයදුම් කිරීමෙන් සියලු පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් වැළකී සිටීමටද තීරණය කර තිබෙනවා.