දරුවෙකු පිළිස්සී මිය යාමේ සිද්ධියට මව පියා ඇතුළු අනියම් සැමියා රිමාන්ඩ්

Death Law and Order Funeral Sinhala news gagana news
By Mithu Aug 10, 2025 01:08 PM GMT
Mithu

Mithu

Report

පසුගිය දවසක ඉතා අවාසනාවන්ත සිදුවීමක් වාර්තා විය.ඒ අනුව බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් 8 හැවිරිදි දරුවෙකු පිළිස්සී මිය ගිය අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දරුවාගේ මව, පියා සහ මවගේ අනියම් පෙම්වතා එළැඹෙන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඔවුන් අද (10) පෙරවරුවේ බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් දේශබන්දු සුරියබටබැදි මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

නොසැලකිලිමත් ලෙස කටයුතු කර දරුවාට ආරක්ෂාව සහ රැකවරණය ලබා නොදීමේ චෝදනාව මත මෙලෙස මව සහ පියා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එමෙන්ම අනියම් සැමියාටද වරෙන්තු කිහිපයක් ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. මේ අතර මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිරුර බලන්ගොඩ මූලික රෝහලේ දී සිදුකිරිමෙන් අනතුරුව, අවසන් කටයුතු සිදුකිරීම සඳහා සිරැර පවුලේ ඥතින් වෙත භාර දී ඇත.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න