සජිත් ප්‍රේමදාසට බොරු කියන්න දන්නේ නෑ බොරු කියන්නෙත් නෑ එකයි පරදින්නේ - පලනි දිගම්බරම්

Anura Kumara Dissanayaka Sajith Premadasa Latest Headlines Current Political Scenario Sinhala news
By Ashfa Aug 10, 2025 01:16 PM GMT
Ashfa

Ashfa

Report

සජිත් ප්‍රේමදාස මහතා බොරු කියන්නේ නෑ. ඒ නිසා හැමදාම මැතිවරණවලින් පරදිනවා.

චිචීගේ රොකට් එකේ ඇත්ත නැත්ත මෙන්න - දෙන්නම කියන්නේ ඇත්තලු

චිචීගේ රොකට් එකේ ඇත්ත නැත්ත මෙන්න - දෙන්නම කියන්නේ ඇත්තලු

මෙලෙස පැවසුවේ දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. පලනි දිගම්බරම් මහතාය. ඔහු ඒ ආකාරයට අද දින පවසා සිටියේ කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ තරුණ සම්මේලනයට අලුතින් තේරි පත් වූ නායකයින්ට සිය පත්වීම් ලිපි ලබා දිමේ උත්සවය හැටන් අජන්තා හොටලයේදිපවතී උත්සවයෙන් පසුව මාධ්‍යට වෙතය.

රට කඩන් වැටුනේ මගේ අයියා නිසා නෙමෙයි රනිල් වික්‍රමසිංහ නිසයි - ඩඩ්ලි සිරිසේන කට අරී

රට කඩන් වැටුනේ මගේ අයියා නිසා නෙමෙයි රනිල් වික්‍රමසිංහ නිසයි - ඩඩ්ලි සිරිසේන කට අරී

“විපක්ෂය ශක්තිමත් වෙමින් පවතින්නේ. රජය ගෙනියන වැඩ පිලිවෙළ පිලිබද දැඩි විමසිල්ලෙන් අපි ඉන්නවා. අපි අවුරුද්දක් අවුරු එක හමාරක් ආණ්ඩුව කරන්න දිලා පස්සේ අපි තිරණයක් ගන්නවා අපි දැන්ම්ම ආණ්ඩුව කකුලෙන් අදින්න උත්සහ කරන්නෙ නැ. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හරියට බොරු කියනවා එතකොට මහජන ප්‍රසාදය අඩු වෙනකොට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතාවක් කරලා ආපසු අඩුවුනු මහජන ප්‍රසාදය යලි ලබා ගන්නවා. ජනාධිපතිතුමා විතරයි හරියට හරි දේ කරන්නේ. අනිත් මැති ඇමතිවරු උදේට එකක් කියනවා හවසට එකක් කියනවා. හිටපු ජනාධිපතිතුමාගේ පුත්‍රයා චීන රජයත් එක්ක එක වෙලා රටේ මහජන මුදල් වැය කරලා චන්ද්‍රිකාවක් යැව්වා කියලා දැනට බලයේ ඉන්න අය කිව්වා. දැන් කියනවා රටේ මුදල් ඒ සදහා වැය කරලා නෑ. හැබැයි ඒ තුලින් රටට ආදායමක් ලැබෙනවා කියලා අගමැතිතුමිය පාර්ලිමේන්තුවේදි කිව්වා. ආණ්ඩුව දෙකට බෙදිලා. අගමැතිතුමිය එකක් කියනකොට ඇමති වසන්ත සමරසිංහ වෙනත් දෙයක් කියනවා. මාලිමාව සහ ජේ.වී.පී එක අතර බෙදිමක් තියනවා කියලා දැන් හොදටම පේනවා. විපක්ෂයේ ඉන්නකොට ඕන බොරුවක් කියන්න පුලුවන්. බලයට ආවට පස්සේ ඒවා කරන්න බැ. මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ජ.වි.පේ මතයට නෙවෙයි. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතයට. ඒක නිසා තමයි රට මේ විදිහට ගෙනියන්නේ. අපේ රටේ මිනිස්සු සොඩා බෝතලය වගේ. බොරු කියලා රවට්ටලා ඡනද්ය ලබා ගන්න පුලුවන්. ඒක තමයි ආණ්ඩුව කලේ. රටේ බලය ලබා ගන්න නම් පුලුවන් තරම් බොරු කියන්න ඕන. දැන් ආණ්ඩු බලයේ ඉන්න අය එහෙම බොරු කියලා තමයි ආණ්ඩු බලය ලබා ගත්තේ. විපක්ෂ නායකයා බොරු කියන්නේ නෑ. බොරු කියන්නේ නැති නිසා තමයි විපක්ෂ නායකතුමා හැමදාම පරදින්නේ. අපි කියලා තියනවා විපක්ෂ නායකතුමාට බොරුවක් දෙකක් කියන්න කියලා. එතුමා කියන්නේ නැ. මම නම් ක්යන්නේ දේශපාලනය කරනවා නම් බොරු කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්තයා බොරු කිව්වේ නැ. ඒත් රටේ කඩා වැටි තිබු ආර්ථිකය පහුගිය කාලයේ ගොඩ ගත්තා”