ගාල්ලේ ගින්නක් - මෙන්න විස්තරේ

By Mithu Aug 10, 2025 02:37 PM GMT
Report

ගාල්ල ධිවර වරායේ ගාල්කොට තිබු පැරණි භාවිතයට නොගත් බෝට්ටු කිහිපයක අද (10)  ඇති වු ගින්නක් හේතුවෙන් බෝට්ටු හතරක් දැවි විනාශ වී ගොස් ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

ගිනි ගැනිමට ලක්ව ඇති බෝට්ටු මුදල් විශුද්ධිකරණ පනතේ යටතේ අධිකරණ නියෝග මත ගාල්කොට බහුදින යාත්‍රා බවද ගාල්ල ධිවර වරායේ තිබු ධිවරයො පවසති. මෙකි බහුදිනයාත්‍රා වසර 15කට අධික කාලයක සිට ධිවරවරාය පරිශ්‍රය තුල ගාල්කොට ඇති බවද ධිවරයෝ කියති.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

නාවික හමුදාව, ගාල්ල මහනගර සභාවේ ගිණි නිවන ඒකකය, ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සහ ධිවර ප්‍රජාව එක්ව ගිනන් මැඩපැවැත්විමට කටයුතු කරණු ලැබිය.

ගින්න නිවා දැමිම සදහා නාවික හමුදා කණ්ඩායමක් යොදවා තිබු අතර ගාල්ල මහනගර සභාව විසින් ගිණි නිවන රථ දෙකක් එම ස්ථානයට යවා තිබුණි. මෙම ගිනි ගැනිමට හේතුව නිශ්චිතව තවමත් අනාවරණය වි නොමැති බව පොලිසිය පවසයි.

රත්තරන් ගන්න ඉන්න අයට - අද රන් මිල වෙනස් වුණු හැටි දැනගන්න

රත්තරන් ගන්න ඉන්න අයට - අද රන් මිල වෙනස් වුණු හැටි දැනගන්න