මරණයකින් කෙළවර වූ බොක්සිං සටන

By Mithu Aug 10, 2025 04:38 PM GMT
Report

ජපානයේ පැවැති බොක්සිං තරගාවලියකදී ඇති වූ තුවාලවලින් පසු ක්‍රීඩකයන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

ටෝකියෝ හි කොරකුවෙන් ශාලාවේදී පැවැත්වෙන මෙම තරගාවලියේ දී ඔවුන් දෙදෙනාම එකම බර පන්තියක අවස්ථා දෙකකදී ක්‍රීඩාකර තිබීමද විශේෂත්වයක්.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙහිදී මියගිය ක්‍රීඩකයන් දෙදෙනාගේම මොළය එකිනෙකාගේ ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ මුෂ්ටි පහර හමුවේ තුවාල වී ඇත. ඒ හේතුවෙන් ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, එහිදී මෙලෙස දිවිහැර ගොස් තිබේ.

මියගිය ක්‍රීඩකයින් දෙදෙනාම වයස අවුරුදු 28 වියේ පසුවන බව සඳහන්. මෙම වසර මුලදී අයර්ලන්ත බොක්සිං ක්‍රීඩකයෙකු ද තරගයක් අතර එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි