අද උදෑසන 8 සිට රට පුරා ක්‍රියාත්මක වේ - ජනතාව දැනුවත් වෙන්න නැත්නම් අමාරුවේ

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

අද (31) පෙරවරු 8 සිට මෙම වැඩවර්ජනය දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල ආරම්භ කරන බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේය.

අප්‍රේල් 2 සිට 15 දක්වා ශ්‍රී ලාංකිකයන් ප්‍රවේශමෙන් - ජනතාවට අනතුරු අඟවයි

අප්‍රේල් 2 සිට 15 දක්වා ශ්‍රී ලාංකිකයන් ප්‍රවේශමෙන් - ජනතාවට අනතුරු අඟවයි

නමුත් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනයන්හි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බවයි.

මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවුණහොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලාංකිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක් - ජංගම දුරකථනයෙන් අනතුරුදායක කෙටි පණිවිඩය

ශ්‍රී ලාංකිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක් - ජංගම දුරකථනයෙන් අනතුරුදායක කෙටි පණිවිඩය

කෙසේවෙතත් වෛද්‍යවරුන් වැඩවර්ජන ක්‍රියාමාර්ගවල නිරත වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පසුගියදා පවසා සිටියේ, “මං හිතන්නේ වෛද්‍යවරු විදියට වර්ජන ක්‍රියාමාර්ගයකට යන්න බැහැ. ඒ නිසා ඉතිහාසය පුරාම එවැනි දේවල් ලොකුවට වෙලත් නෑ. විශේෂයෙන්ම මේ වෘත්තීය සමිතිය මං හිතන්නේ එහෙම දේවල් කරන්න හැකියාවකුත් නෑ. පසුගිය දවස්වල කිව්ව දේවල් ලොකුවට මුකුත් වුණෙත් නෑ. නමුත් වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඇහුන්කම් දෙන්න අපි සුදානම්.” යනුවෙනි.