ආදරේ නම් ඉන්දීය ධීවරයන් නවත්වන්න - ඇමති බිමල් ඉන්දියාවට දැනුම් දෙයි

Sri Lanka Politician Sri Lanka Sri Lankan political crisis
By Gagana News Mar 06, 2025 06:15 AM GMT
Gagana News

Gagana News

Report

උතුරේ ජනතාවගේ එකම ජීවනෝපාය වන ධීවර කර්මාන්තය නිදහසේ කරගෙන යාමට ඉඩ ලබා දෙන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බව සභා නායක ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට එන ඉන්දීය ධීවරයන් ගැන එරට නීතිය අනුව ක්‍රියා කරන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බව කී බිමල් රත්නායක අමාත්‍යවරයා, අදාල කාරණය ගැන තමිල්නාඩු ආණ්ඩුව සමඟ සාකච්ඡා කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සඳහන් කළේය.

ඉන්දීය ආණ්ඩුව ලංකාවට කොච්චර උදව් කලත් යාපනේ ජනතාවට මේ උදව්ව කරන්නේ නැත්නම් අනෙක් කාරණා සැබෑ උදව් වෙනවාද යන ප්‍රශ්නය තිබෙන බවද බිමල් රත්නායක වැඩිදුරටත් කීය.

උතුරේ ජනතාවගේ එකම ජීවනෝපාය විනාශ කරන්න එපා යැයි ඉල්ලා සිටින්නේ යැයිද සභා නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මිනිසුන්ට උදව් කරනවා කියන්නේ ගංවතුර ආධාර බෙදීම ආදිය නොව ස්වශක්තියෙන් ජනතාවට නැගී සිටින්න ඉඩ හැදීම යැයි ද ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමති බිමල් රත්නායක පැවසීය. 

ReeCha