දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..ප්‍රධාන මාර්ගයක දුම්රිය ධාවනයට බාධා..
පොතුහැර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙන බව වාර්තා වනවා.

මෙලෙස පීලි පැන ඇත්තේ කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රිය බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.