අදත් වැස්ස සහ සුළඟ නපුරු වෙයි..මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න..

Report

අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විදුලි බිල අඩු කිරීම ගැන දුක්බර ආරංචියක්..හදිසියේ සිදු වූ දේ මෙන්න..

විදුලි බිල අඩු කිරීම ගැන දුක්බර ආරංචියක්..හදිසියේ සිදු වූ දේ මෙන්න..


එසේම නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Sමේ අතර, දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඔබත් මේෂ,වෘෂභ,මිථුන සහ ධනු ලග්නයේ අයනම් දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..

ඔබත් මේෂ,වෘෂභ,මිථුන සහ ධනු ලග්නයේ අයනම් දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..


එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.