හිටපු පෙම්වතාගේ පළිගැනීමක්ද ?

By Hashan May 22, 2025 10:04 AM GMT
Report

මරියා හොසේ එස්ටුපින් සාන්චෙස් නම් ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනිය ඝාතනය කොට තිබෙනවා .

ඝාතනට ලක් වූ ඇය වයස අවුරුදු 22 ක තරුණියක් වන අතර කොළොම්බියාවේ කකුඩා ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිට දී ඇය ඝාතනය කර ඇත .

භාණ්ඩ බෙදාහරින ( ඩිලිවරි ) පුද්ගලයෙකු ලෙස ආ අයකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ . මෙම සිද්ධිය සීසීටීවී කැමරාවල සටහන් වී ඇති අතර, ඇය තම හිටපු පෙම්වතාට එරෙහිව ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නඩුවක් ඇය ජයග්‍රහණය කර දිනකට පසුව මෙම ඝාතනය සිදු වී තිබුණ නිසා පෙම්වතා ඝාතනය මෙහෙයවන්නට ඇතැයි ආරංචි පළව තිබෙනවා.   

හෙදියකට එරෙහිව තවත් පිරිසක් පාරට

හෙදියකට එරෙහිව තවත් පිරිසක් පාරට

කොළොම්බියානු බලධාරීන්ට අනුව, ආරක්ෂක කැමරා දර්ශනවල පෙනෙන ආකාරයට, සැකකරු තෑග්ගක් ගෙන එන බව පෙන්වමින්, ඇයට ඉතා සමීප වී වෙඩි තබා පයින් පලා ගොස් ඇත.

අදාළ තරුණියව මරියා ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර නමුත් පසුව ඇය මිය ගොස් තිබෙනවා.   

හිටපු පෙම්වතාගේ පළිගැනීමක්ද ? | Disaster Man Who Brought Delivery Caused Star

මරියා හොසේ එස්ටුපින් මෑතකදී ගෘහස්ථ අපයෝජන නඩුවක් සාර්ථකව නඩු පවරා ඇමරිකානු ඩොලර් 7,000ක් පමණ වන්දි මුදලක් අධිකරණයෙන් ලබාගෙන තිබුණි.  ඇගේ හිටපු පෙම්වතා පිළිබඳව විමර්ශන කටයුතු කෙරෙමින් පවතින නමුත් මේ වන තෙක් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු වී නොමැත. 

සැකකරු සම්බන්ධ දර්ශනවල ඔහු කළු කැප් තොප්පියක්, ජැකට්ටුවක්, ජීන්ස් කලිසමක් සහ පිටුපස බෑගයක් පැළඳ සිටින ආකාරය පෙනේ.  මෙය භාණ්ඩ බෙදාහරින පුද්ගලයන් සඳහා සාමාන්‍ය ඇඳුම් විලාසයක් වන අතර, ප්‍රහාරය එල්ල කරන මොහොත දක්වා සැක සහිත ලෙස නොපෙනෙන පරිදි සිටීමට ඔහුට එය උපකාරී වී ඇත.

සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්

සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්

ඔහුගේ පලායෑම ද අවට කැමරාවල සටහන් වී ඇති අතර, අසල වීදි හරහා පලා යන ආකාරය එහි දැක ගත හැකිය. 

 මාරියා සිසුවියක සහ නැගී එන නිරූපිකාවක ලෙස ප්‍රසිද්ධවී සමාජ මාධ්‍ය හරහා ශක්තිමත් අනුගාමිකයන් පිරිසක් ද ගොඩනගාගෙන තිබුණි.  ඇගේ මරණය මැක්සිකානු කලාකාරිනියක වූ මාර්ක්වෙස්ගේ ඝාතනයට සමාන කර ඇත. 

අනේ..! රිළවියන්ට මොකක්ද මේ කළේ... (PHOTO)

අනේ..! රිළවියන්ට මොකක්ද මේ කළේ... (PHOTO)

කොරියාවට යන්න ඉන්නවනම් මේක බලන්න

කොරියාවට යන්න ඉන්නවනම් මේක බලන්න