රටම බයෙන් සිටි නරක ආරංචිය - ආපදා මරණ ඉහළ යයි
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් ආපදා මරණ දෙකක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව එම ආපදා මරණය මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.
එමෙන්ම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් අද (14) දින පෙරවරු 6.00ට නිකුත් කළ නිවේදනයෙන් මේ බව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
ඒ අනුව පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති අතර සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක පුද්ගලයින් 104 දෙනෙකු රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
මේ අතර නිවාස 88ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.