මරු පරිපාලනේ, රටේ ජාතික රෝහල් තුනේම අධ්‍යක්‍ෂක පුටු හිස්
මෙරට ප්‍රධානතම ජාතික රෝහල් තුනක් වන කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල සහ කරාපිටිය ජාතික රෝහල මේ වන විට ස්ථිර අධ්‍යක්ෂවරුන් නොමැතිව පාලනය වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ධූරය දැනට පවතින්නේ ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා යටතේ බව වාර්තා වේ.
එසේම ඔහු ආයතන දෙකම එකවර කළමනාකරණය කරමින් සිටින බව ද පවසයි.
ඊට අමතරව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (DDG) තනතුරු වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ වහාම ආරම්භ කිරීමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ අතර සෞඛ්‍ය නිලධාරීන් දක්වන්නේ සුමට පරිපාලනයක් පවත්වාගෙන යාමට රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ පුරප්පාඩු මීට පෙර පිරවිය යුතුව තිබූ බවයි.