ෂාෆ්ටර් ගේ ඩී.එන්.ඒ පරීක්ෂණය ගැන අලූත්ම තීරණයක්..

CID - Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi May 08, 2023 02:24 PM GMT
Sithumi

Sithumi

Report

 කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පිළිබඳව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර ඇත.

ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථයේ තිබී සොයාගත් ආගන්තුක රුධිර සාම්පලය කාගේදැයි නිශ්චිතව අනාවරණ කරගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, වැඩිදුර DNA පරීක්ෂණ සඳහා ඔහු රෝහල්ගත කළ දින ජාතික රෝහල් සේවය කළ කාර්ය මණ්ඩල සේවකයන් කිහිප දෙනකු ඇතුළු 10 දෙනෙකුගේ රුධිර සාම්පල ලබාගැනීමට කටයුතු කරන බව අධිකරණයට ප්‍රකාශ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පෙර සතියේ ලබාගත් අධිකරණ නියෝග අනුව පොලිස් නිලධාරීන් ඇතුළු 21 දෙනෙකුගෙන් ලබාගත් රැධිර සාම්පල පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha