දත්ත ආරක්ෂණ අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් පුටුවට දිමුත් භාෂිත පත් වෙයි
දත්ත ආරක්ෂණ අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් වශයෙන් දිමුත් භාෂිත අතපත්තු මහතා පත් කර ඇති බව වාර්තා වේ.
රාජ්ය සහ පුද්ගලික යන දෙඅංශය ඇතුළුව සියලුම ආයතන, පනතේ දක්වා ඇති නීතිමය බැඳීම්වලට අනුකූල වන බව සහතික කිරීමට කැපවී සිටින මෙම අධිකාරියෙන් පුද්ගලික දත්ත සුරක්ෂිත කිරීම සහ නියාමන අනුකූලතාව ප්රවර්ධනය කිරීම මඟින්, ඩිජිටල් ගනුදෙනු සහ සන්නිවේදනයන් සම්බන්ධයෙන් ආරක්ෂිත සහ විශ්වාසදායක බව සහතික කරයි.