හඬ පටයක් නිසා වැඩ තහනම් වූ දිල්රුක්ෂි ඩයස්ට ලැබුණු අවසන් තීන්දුව මෙන්න..

Sri Lanka Police Sri Lanka Politician Government Of Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Aruna Aug 10, 2023 01:53 AM GMT
Aruna

Aruna

Report

2019 වසරේදී හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ වැඩ තහනමට ලක්ව සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

මෙම හඬ පට සිදුවීමට අදාළව 2019 සැප්තැම්බර් මස 24 වනදා සිට ඇය තාවකාලිකව වැඩ තහනමට ලක් කෙරුණා.

මෙසේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය නිදහස් කර ඇත්තේ, හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති අතර සිදු වූ බවට සඳහන් දුරකථන සංවාද හඬ පටය සංස්කරණය කරන ලද්දක් බව මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නිකුත් කර තිබූ වාර්තා පදනම් කරගනිමින් බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම වන අවස්ථාව වන විට ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස රාජකාරියේ නිරතව සිටියා.

මෙම සිදුවීමත් සමඟ දිල්රුක්ෂි ඩයස් ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිගෙන් ඉල්ලා සිටියේ තමන් සමග සිදුකළ සම්පූර්ණ හඬපටය ප්‍රසිද්ධියට පත්කරන ලෙසයි.

කෙසේ වෙතත් මේ වනවිට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය විශ්‍රාම ගෙන සිටියි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මෙම තීරණයත් සමග ඇයට හිමිවිය යුතු හිඟ වැටුප් සහ වරප්‍රසාද ඉදිරියේදී හිමි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ReeCha