සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක් බිහිකිරීමට ආණ්ඩුවට සහාය - දිලිත් ජයවීර

Report

සාඩම්බර ශ්‍රී ලාංකිකයෙකු බිහිකිරීමේ ආණ්ඩුවේ උත්සාහයට සහය වීමට සූදානම් බව සර්ව ජන බලය පක්ෂයේ මන්ත්‍රී දිලිත් ජයවීර ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

"ලෝකයේ දත්ත සියල්ල අපට අවශ්‍ය ආකාරයට සකස් කළ හැකියි. නමුත් අය - වැයේ ප්‍රාග්ධන වියදම ලෙස තිබූ මුදල අපි දනිමු. ඒත්, මේ වන විට බිලියන 337ක් වියදම් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උත්සාහය අපි අගයමු. නමුත් මේ දත්තවලින් දුප්පත් ජනතාවට හිමි වරප්‍රසාද ගැන කොතැනද සඳහන් වන්නේ? දුප්පත් ජනතාවට ඇතිවන බලපෑම කුමක්ද? මේ බදු ආදායම ලබාගත්තේ කාගෙන්ද? මේ රටේ නව ධනය උත්පාදනය කළේ අහිංසක ජනතාවගෙන් බදු අය කරලා.

දූෂණ විරෝධී මාවතක යා යුතුයි. ඒ සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි. එය හැමදාම කතා කළ යුතු නැහැ. අපේ රට අද භූ-දේශපාලනික අර්බුදයක පවතිනවා" යැයි පැවසීය. 

 

රන් මිල වෙනස් වුණු හැටි - අද මිල ගණන් මෙන්න

රන් මිල වෙනස් වුණු හැටි - අද මිල ගණන් මෙන්න

තව ටික දවසකින් ජපානයම නැති වෙයිද? වදවෙලා යන ජපන් ජාතිකයන්

තව ටික දවසකින් ජපානයම නැති වෙයිද? වදවෙලා යන ජපන් ජාතිකයන්