අරගලයේ ප්‍රබලයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක්..මෝටිවේශන් අප්පච්චිගෙත් රෙදි ගලවයි.(VIDEO)

By Aruna Dec 15, 2022 12:06 AM GMT
Report

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

නුගේගොඩ, පාගොඩ පාරේදී ඔහුට මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

සිදුවීමෙන් තුවාල ලැබූ ඩිලාන් සේනානායක මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

මේ අතර මෝටිවේශන් අප්පච්චි යනු අරගලයේ විකුණූ තමන්ගේ එදා වේල සොයා ගැනීම සඳහා විකිණෙන ගොබ්බයෙක් යයි අරගලයේ නායකයෙකු ලෙස කටයුතු කළ වෙනසක තාරුණ්‍ය සංවිධානයේ කැදවුම්කරු ලහිරු විරසේකර මහතා සඳහන් කරයි.

බස් ගැමුණු හෙවත් ගැමුණු විජේරත්න යනු රනිල් වික්‍රමසිංගේ ඔඩොක්කුවේ සිටින කුක්කෙක් බවත් පැවසීය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවුම්කරු වසන්ත මුදලිගේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් ඔවුන් විසින් සාක්ෂි ලබාදී ඇතැයි නීතිපති විසින් අධිකරණයට කරුණු දැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ඔහු මේ බව කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now