ඩිජිටල් බද්ද ගැන වැඩි විස්තර හරියටම දැනගන්න
ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සමාජය තුළ දක්නට ඇති බව, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඩිජිටල් සේවා සඳහා බදු පැනවීමේදී යම් සහනයක් ලබාදී ඇති බවයි.
දේශීය අදායම් පනතට සිදුකරන ලද සංශෝධනවලදී සේවා අපනයනය සම්බන්ධයෙන් 15%ක බදු පැනවීමට අදාළව සමාජයේ යම් කතිකාවතක් පැනනැගිලා තියනවා.
වැඩිපුර හා අලුතෙන් බද්දක් ගහලා කියන අදහස. ඇත්තටම අපි අදායම් බදු නීතිය යටතේ ආදායම් බදු ගෙවීමට සෑම තැනැත්තෙක්ම යටත් වෙනවා.
නමුත් අපි තනි පුද්ගලයෙක් ගත්තොත් ඔබ ලංකාව ඇතුළත දී උපයන ආදායමක් තියනවනම් ඒ ආදායම ලංකාව ඇතුළෙන්ම උපයා ගත්තත්, පිටරටකින් උපයාගත්තත්, ලංකාව ඇතුළට ඒක ආපහු අරගෙන එනවා නම් ලංකාව යටතේ තමයි ඒ ආදායම තියෙන්නේ.
එහෙනම් ඔබ ආදායම් බද්දට යටත්. එහෙනම් මාසයකට ඔබේ ආදායම රුපියල්වලින් 150,000 කට වඩා අඩුනම් අප්‍රේල් මාසයේ ඉදලා ඔබ කිසිම ආදායම් බද්දක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොන ක්ෂේත්‍රයන් උපයා ගත්තත්. හැබැයි 150,000 ට වඩා වැඩි වෙනවනම් ඒ පළමු 85,000 ක වගේ ප්‍රමාණයෙන් 6% කුත් ඊළඟ 43,000 න් 18% කුත් ඒ විදිහට 43,000 කාණ්ඩවලින් 24%, 30%, 34% වෙනකන් බදු ගෙවීමකට යටත් වෙනවා.
මේ ඩිජිටල් සේවාව පිටරටකට සපයන එකෙන් ඔබට ලැබෙන්නේ මාසෙට 150,000 නම් බදු ගෙවන්න ඕන නැහැ. 200,000 ක් නම් ලැබෙන්නේ ඔබ බද්දට යටත් වෙන්නේ පළවෙනි 150,000 නිදහස් වෙනවා.
දෙවනි 50,000 තියෙන්නේ අර 85,000 ට යටින්. ඒ නිසා දෙවනි 50,000 ට ඔයාට ගෙවන්න වෙන්නේ 6% ක්. ඒ කියන්නේ ඔබ ගෙවිය යුතු බද්ද වෙන්නේ රුපියල් 3000 ක්.
කාරක සභාවේ සාමාන්‍ය පුරවැසියෙක් ආදායම් බදු ගෙවනවා 36% ක් දක්වා වෙනකන්. නමුත් මේ ඩිජිටල් සේවා සපයන කෙනාට උපරිමයෙන් ගෙවන්නේ 15% යි.
ඒ නිසා මේක වැරදි විදිහට අර්ථකතනය කරලා අලුතින් බදු පනවනවා කියන තර්කය මතු කරලා සමාජයේ වැරදි අදහසක් මතු කරලා සමාජය නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති කරලා තියනවා.
ඒක වැරදි. ඒ 15% යෙදීමෙන් ඇත්තටම ඩිජිටල් සේවා සපයන අයට ආසාධාරණයකට වඩා වෙලා තියෙන්නේ අනිකුත් පුරවැසියන්ට සාපේක්ෂව සාධාරණයක්."
