වත්කම් බැරකම් පෙන්නන්න කිව්වම සජිත් ප්‍රේමදාස කියන කතාව
වත්කම් හා බැරකම් ප්‍රකාශය ඩිජිටල් ක්‍රමයට ඉදිරිපත් කරන්න විපක්ෂ නායක කල් ඉල්ලයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් (CIABOC) සිය වත්කම් හා බැරකම් ප්‍රකාශය ඩිජිටල් ආකෘතියෙන් ඉදිරිපත් කිරීම සඳහා කල් ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව
විපක්ෂනායකවරයා සිය වත්කම් හා බැරකම් ලැයිස්තුව මේ වසරේ අප්‍රේල් 23 දින පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත ඉදිරිපත් කර ඇති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර විසින් එම ලැයිස්තුව CIABOC වෙත යොමු කර ඇති අතර CIABOC ආයතනය මගින් එම ප්‍රකාශය සිය වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීම සඳහා ඩිජිටල් ආකෘතියකින් ඉල්ලීමක් කර ඇත.
සජිත් ප්‍රේමදාස විසින් 2025 සැප්තැම්බර් 10 වන දිනැති ලිපියක් මගින් සිය වත්කම් හා බැරකම් ඩිජිටල් ආකෘතියෙන් ඉදිරිපත් කිරීමට කල් ලබා දෙන ලෙසට CIABOC වෙතින් ඉල්ලීමක් සිදුකර ඇත.