ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වා දීමට රජයේ අවධානය

Report

ගුරු හිඟයට පිළියමක් ලෙස ඉදිරි මාස 6 තුළ ඉගැනුම් පරතරය අවම කර ගැනීම සඳහා ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය පවසන්නේ සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදීයාම සහතික වන ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හඳුන්වා දිය යුතු අතර ඒ සඳහා බහුවිධ අංශ නියෝජනය කරන ශක්තිමත් කාර්ය සාධක බළකායක් අවශ්‍ය බවයි.

ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්

ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්

කැබිනට් මණ්ඩල තීරණයක් අනුව පත්කරන ලද ඩිජිටල් අධ්‍යාපනය පර්වර්තනය සඳහා වන කාර්ය සාධන බළකායේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

මෙහිදී අධ්‍යාපනය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සහ ඊට අදාළ අභියෝග මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ ජාතික සහ පළාත් පාසල්වල දැනට පවතින 42,000 ඉක්මවා ඇති ගුරු හිඟය විසඳීම ඉතාමත් කඩිනමින් සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළ බවය. 

සෑම ඇමරිකානුවෙකුම දැන් ටෙහෙරානයේ නීත්‍යානුකූල ඉලක්කයකි – ඉරානයෙන් දැඩි අනතුරු සංඥාවක්

සෑම ඇමරිකානුවෙකුම දැන් ටෙහෙරානයේ නීත්‍යානුකූල ඉලක්කයකි – ඉරානයෙන් දැඩි අනතුරු සංඥාවක්