ගමින් ගමට නෙමෙයි ගෙයින් ගෙට ගියත් නාමල්ට ආයේ චාන්ස් එකක් නෑ ඇමති වසන්ත හොදවයින් කියයි
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ පසුගිය රජයයන් රට බංකොලොත් කර, ණයවර ලිපියක් විවෘත කර ගැනීමට පවා නොහැකි තැනකට පත් කල බවයි.
එලෙස රට විනාශ කල පුද්ගලයන් මේ වන විට ගමින් ගමට යන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්තා සේ, තමාද අත්අඩංගුවට ගතහොත්, එහි පැමිණෙන ලෙස දැනුම් දෙන්නට දැයි අමාත්‍යවරයා පවසයි.
නමුත් අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ ගමින් ගමට නොව, ගෙයින් ගෙට ගියද නාමල් රාජපක්ෂ මහතාට යළිත් අවස්ථාවක් නොලැබෙන බව මුළු රටේම ජනතාව දන්නා බවයි.