"අලුත් අවුරුද්දේ ජනාධිපති ආර්යාව කැවුම්, කොකිස් බදිනවා දැක්කාද?"
සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ජනාධිපති ආර්යාව පාරම්පරික ආහාර such as කැවුම් සහ කොකිස් පිළියෙළ කරමින් පෙනී සිටී දැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විමසයි.
ඔහු මේ බව සඳහන් කළේ ගම්පහදී පැවති ජාතික ජන බලවේගයගේ ජනරැළියක් අමතමින්ය.
“ඔබ කවුරුහරි දැක්කද මේ අවුරුද්දේ ජනාධිපති ආර්යාව අවුරුදු නැකතට කැවුම් බදිනවා, කොකිස් බදිනවා කියලා? කලින් නං ජනාධිපති බිරින්දෝ කැරකි කැරකි කොකිස් බදිනවා, කැවුම් බදිනවා කියලා ජනතාවට පේන්න තිබුණා. දැන් ඒවා නෑ. ඒක තමයි වෙනස. ඒකම මදිද, මේ මාස පහේ රටට කරපු වෙනස?” යැයිද හේරත් මහතා ප්‍රශ්න කළේය.