නලින් කිව්වෙ බොරුද? ආරක්ෂක අමාත්‍යාංශයත් සැර වෙයි

Report

ආරක්ෂක අමාත්‍යාංශය මඟින් පවසන්නේ ගාලු කොටුවේ යුද හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ලේකම්වරයා නිර්දේශ කර ඇතැයි පළ කරන වාර්තා අසත්‍යය බවයි.

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම අමාත්‍යාංශය කියා සිටියේ එබඳු එකඟතාවක් මෙතෙක් ආරක්‍ෂක ලේකම්වරයා පළකර නැති බවයි.

ඒ අනුව ගාලු කොටුවේ හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා නිර්දේශ කළ බව ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අමාත්‍ය නලින් ‍හේවගේ මහතා ඉකුත් දා පවසා තිබුණා.

ඒ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මෙන්ම දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි.

මහින්දානන්ද හිරේ දැම්මට මිනිස්සු මෙහෙම කරලා හරි යනවද...

මහින්දානන්ද හිරේ දැම්මට මිනිස්සු මෙහෙම කරලා හරි යනවද...

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා කියා තිබුණේ ගාලු කොටුවේ පිහිටා තිබෙන හමුදා කඳවුර වෙනත් ස්ථානයකට ගෙන යාමට නියමිතව ඇති බවයි.

තවද එම පියවර ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ද නිර්දේශ කර ඇති බවත් එහිදී ඔහු ප්‍රකාශ කළ බව වාර්තා විය.

ඊට අමතරව ඔහු පෙන්වා දී තිබුණේ ගාල්ල නගරයට ආරක්ෂාව සැපයීමට නාවික හමුදා කඳවුරක් සහ පොලිස් මූලස්ථානයක් පමණක් ප්‍රමාණවත් බවයි. 

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)