ධම්මික බණ්ඩාර ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය අසලට යාමට සූදානම්… වරු තුනෙන් කොරෝනා සුව කරන බව කියයි..

Dhammika Bandara Covid-19
By Thaya Jan 26, 2021 06:09 PM GMT
Report

කොරෝනා ආසාදිතව සිටින ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලඟට යාමට අවස්ථාව ලබා දුනහොත් වරු තුනෙන් ඇයගේ රෝගය නිට්ටාවට සුව කර දෙන බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

කෙසේ නමුත් මීට පෙර ඔහු විසින් සඳහන් කර ලද්දේ කොරෝනා රෝගීන් නිට්ටාවටම සුව වීම සඳහා දින තුනක් තම ඖෂධය උදේ හවස පානය කළ යුතු බවත් ආසාදිත නැති අයෙකු නම් දින දෙකක් උදේ හවස පානය කල යුතු බවත්ය.