කොළඹ ආරක්ෂාව තර වෙයි.. සර්වඥ ධාතු වන්දනාවට එන සැදැහැවතුන්ට විශේෂ දැනුම්දීමක්

Report

ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා අද (04) ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, හෙට (05) සිට ලබන 11 වැනිදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී භක්තිකරුවන් වෙත ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

මෙම ධාතූන් වහන්සේලාගේ ප්‍රදර්ශනය සඳහා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්, විශේෂ රථවාහන සැලැස්මක් සහ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පවසයි.

බුදු සරණ ගමන් මඟට ආශීර්වාදය - ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අද සිට

බුදු සරණ ගමන් මඟට ආශීර්වාදය - ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අද සිට

එමඟින් පිටකොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානවලින් පැමිණෙන භක්තිකරුවන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි පැරණි එම්.ඕ.ඩී. පාර්ක් (MOD Park) හා ලේක්හවුස් වටරමුව ආශ්‍රිත ප්‍රදේශයන්ට රථගල් යොදා ඇත.

එසේම, පෞද්ගලික බස් රථ හා ලංගම බස් රථ මඟින් පැය 24 පුරා සහනදායී මිලකට සේවාවක් ලබා දෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ධාතූන් වහන්සේලා දැකීමට එන භක්තිකරුවන්ට ආරක්ෂාව හා පහසුව සලසා දීම මෙම විශේෂ සැලසුම් හරහා සිදුවන අතර, එමඟින් විශාල ජන ගඟක් බලාපොරොත්තු වන බව වාර්තා වේ.

ඔලුගල හදිස්සියේම රෝහල් ගතකරපු හේතුව මෙන්න..

ඔලුගල හදිස්සියේම රෝහල් ගතකරපු හේතුව මෙන්න..

අද දිනය ඔබට වාසනාවන්තද? | ලග්න පලාපල

අද දිනය ඔබට වාසනාවන්තද? | ලග්න පලාපල