දෙවිනුවර පෙරහැරට තවත් කොඩිවිනයක් - උණුසුම් තත්ත්වයක් සමඟ පෙරහැරේ අලි කුලප්පු කරලා මහා විනාසයකට සැලසුමක් හදලා

Report

දෙවිනුවර ඓතිහාසික උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පස්වන පේළි පෙරහැරේදී උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව වසර ගණනාවක සිට පෙරහැර සංවිධාන කටයුතුවල නිරත වූ සංවිධාන කමිටුව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඇතුළු ආරක්ෂක අංශ ගත් තීරණයකට විරෝධය පළ කරමින් ඉකුත් 27 වන දින රාත්‍රියේ පෙරහැර කටයුතුවලින් ඉවත් වීමට පියවර ගෙන තිබෙනවා.

එම අර්බුදයට මුල් වී ඇත්තේ, විවිධ තර්ජන මධ්‍යයේ වුවද 6 වන පේළි පෙරහැර හෙවත් කාවාඩි පෙරහැර සඳහා සියලු කාවාඩි කණ්ඩායම්වලට අවස්ථාව ලබා දීමට අමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ එකඟතාව පළ කිරීම බව සඳහන්.

එමෙන්ම මීට විරෝධය දක්වමින් සංවිධාන කමිටුවේ සාමාජිකයින් 38 දෙනෙකු පෙරහැර කටයුතුවලින් ඉවත් වී ඇති බව ද සඳහන්.

ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිල පහළට - රටම පුදුම කළ අද රන් මිල ගණන් මෙන්න

ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිල පහළට - රටම පුදුම කළ අද රන් මිල ගණන් මෙන්න

අනතුරුව ග්‍රාම නිලධාරීන් සහ පොලිසිය එක්ව පෙරහැර සංවිධානය කිරීමට උත්සාහ කළ ද, එහි විධිමත්භාවය පවත්වාගෙන යාමේදී ගැටලුකාරී තත්ත්වයක් මතු වූ බව වාර්තා වේ. මෙහි විශේෂත්වය වන්නේ, ඉකුත් 23 වන දින සිට පැවති පෙරහැර සඳහා අලි ඇතුන් සහභාගී වුවද, පෙරේදා රාත්‍රියේ පැවති පස්වන පේළි පෙරහැර සඳහා කිසිදු අලියෙකු සහභාගී කර නොතිබීමයි.

ඒ සම්බන්ධයෙන් පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කර ඇත්තේ ඇත්ගොව්වන් කිහිප දෙනෙකු බීමත්ව සිටීම සහ කාවාඩි කරුවන් විසින් මල් වෙඩි දැල්වීම නිසා අලි ඇතුන් කුලප්පු වීමේ අවදානමක් පැවති බැවින් මෙම තීරණය ගත් බවයි.

අද සිට ජූලි 31 දක්වා විශේෂ සතියක් - සියලුම රාජ්‍ය ආයතනවල උදේ 9 සිට ක්‍රියාත්මකයි

අද සිට ජූලි 31 දක්වා විශේෂ සතියක් - සියලුම රාජ්‍ය ආයතනවල උදේ 9 සිට ක්‍රියාත්මකයි

එමෙන්ම පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් ඉලක්ක කර අහස්කූරු දල්වා ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිසක් සූදානම් වන බවට පැතිර ගිය කටකතාවක්ද හේතුවෙන් ද ආරක්ෂක පියවරක් වශයෙන් අලි ඇතුන් සහභාගී කර නොගත් බව සඳහන්.

කෙසේ වුවද එවැනි කිසිදු අහිතකර තත්ත්වයක් පෙරහැර අතරතුර වාර්තා නොවූ අතර, අලි ඇතුන් සහභාගී නොවීම හේතුවෙන් සිදුවීමට ඉඩ තිබූ අනාරක්ෂිත තත්ත්වයන් මඟහැරී ගිය බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

පැය 72 ක් ඇතුළත ඉරාකය සුන්නද්දූලි කරයි - පළියට පළිය ගන්න අමෙරිකාවෙන් සහ සවුදි අරාබියෙන් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක්

පැය 72 ක් ඇතුළත ඉරාකය සුන්නද්දූලි කරයි - පළියට පළිය ගන්න අමෙරිකාවෙන් සහ සවුදි අරාබියෙන් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක්