වන්දනාවේ ගිය ලාංකිකයින් දෙදෙනෙක් පිටරටක දී ජිවිතක්ෂයට.

Heart Attack Accident Death
By krishani Jul 05, 2023 03:06 PM GMT
krishani

krishani

Report

මක්කම වන්දනාවේ ගිය මෙරට ලාංකිකයින් දෙදෙනෙකු එහි ගොස් සිටින අතරතුර මියගොස් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික සහ සංස්කෘතික සබඳතා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඔවුන් දෙදෙනා අතුරින් ඊයේ (04) එක් අයෙක් හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය අතර අනෙක් පුද්ගලයා මදීනා හීදි අනතුරකට ලක්ව මියගොස් තිබෙනවා.

කෙසේවෙතත්, මුස්ලිම් ආගමික සහ සංස්කෘතික සබඳතා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මොවුන් දෙදෙනාගේ අවසන් කටයුතු මක්කම සහ මදීනා හීදි සිදුකර ඇති බවයි.