තවත් ආනයනික වාහන තොගයක් හම්බන්තොටට එයි

By Shehan Mar 20, 2025 06:05 AM GMT
Report

මෙරට බලපැවැත්වූ වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීමෙන් අනතුරුව, දෙවැනි වාහන තොගය ද පසුගිය දිනක මෙරටට ගොඩබා ඇත.

හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණි Glovis Century නෞකාවෙන් මෝටර් රථ 1,159ක් ගොඩබස්වා ඇති අතර, එයින් 669ක් ප්‍රතිඅපනයනය සඳහා ගෙන ආ ඒවා ය.


ඉතිරි මෝටර් රථ 490 ශ්‍රී ලංකාවේ ආනයනකරුවන් විසින් ගෙනවුත් ඇති අතර, ඒවායින් 462ක් BYD වර්ගයට අයත් මෝටර් රථ වේ.

කොරියානු ධජය යටතේ යාත්‍රා කළ Glovis Century නෞකාව සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි අතර, පසුව එය ඕමානයේ සොහාර් වරාය වෙත සිය ගමන ආරම්භ කළේය.